ගංජා කිලෝග්රෑම් 8 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (26) ගංජා කිලෝග්රෑම් 8 ක් සමග පුද්ගලයන් 2 දෙනෙකු තණමල්විල ප්රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.
එම පුද්ගලයන් සහ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා තණමල්විල පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

