නාවික හමුදාධිපතිතුමාගේ ගිණිකොන නාවික විධාන සංචාරයට සමගාමීව විවෘත කිරීම් රැසක්
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (26) ගිණිකොන නාවික විධානයේ සංචාරයක නිරත වන ලදී. එහිදී ගිණිකොන නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා විසින් නාවික හමුදාධිපතිතුමා පිළිගන්නා ලද අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මූලස්ථානයේ සහ ගිණිකොන නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.මෙම සංචාරයට සමගාමීව ගිණිකොන විධානයේදී,නාවික හමුදාව විසින් නිමකරන ලද ඉදිකිරිම් කිහිපයක් නිළ වශයෙන් විවෘත කිරීමද සිදු කරන ලදී.
එහිදී නිලධාරින් සහ නාවිකයින් ඇමතූ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කර සිටියේ ප්‍රදේශයේ සිවිල් ජනතාව සමග සම්බන්ධතාවයන් පවත්වා ගනිමින් ආරක්ෂක සහ ජාතික අරමුණු කරා ලගා වීම සඳහා නාවික හමුදා පුද්ගලයින් විසින් කරන ලද සේවයේ ඉතාමත් පැසසුම් සහගත බවයි. මුහුදේ මෙන්ම ගොඩබිමෙහි මෙහෙයුම් සඳහා සූදානම පවත්වා ගැනීම සහ පැවරී ඇති අනෙකුත් රාජකාරීන් ඉටු කිරීම සදහා නිලධාරීන්ගේ සහ නාවිකයන්ගේ කැපවීමද එහිදී එතුමාගේ ඇගයීමට ලක් විය.
ඒ අනුව ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ අලුතින් ඉදිකරන ලද දන්ත ශෛල්‍යාගාරය නාවික හමුදාධිපතිතුමන් විසින් විවෘත කිරිම ප්‍රථමයෙන් සිදු කරන ලදී. 2015 නොවැම්බර් 25 වන දින ඉදිකිරීම් ආරම්භ කරන ලද මෙම දන්ත ශෛල්‍යාගාරය නවීන පහසුකම් හා අංග සම්පුර්ණ ශෛල්‍ය උපකරණවලින් සමන්විත වේ. තවද මෙම ශෛල්‍යාගාරය ඉදිකීරිම සඳහා රුපියල් මිලියන 2.04 මුදලක් වැයවී ඇත.
තවද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරුගම්බේ නාවික අනුඛණ්ඩයේ අභිනවයෙන් ඉදිකරන ලද නවීන පහසුකම් වලින් සමන්විත කාමර 2 කින් යුත් නිලධාරී නිවාඩු නිකේතනය නාවික හමුදාධිපතිතුමන් විසින් විවෘත කරන ලදී. මෙම සුඛෝපභෝගී නිවාඩු නිකේතනයන් නිලධාරීන්ගේ නිවාඩුව සුවසේ ගත කිරීම සඳහා ඉදිකකරන ලදී. මෙහි ඉදිකිරිම් 2016 නොවැම්බර් මද 04 වන දින ආරම්භ කර ඇති අතර, ඉදිකිරිම් වියදම රුපියල් මිලියන 5.3 ක් වේ. නාවික හමුදාධිපතිතුමන් විසින් නිවාඩු නිකේතන පරිශ්‍රයේ රුක් රෝපනයක් සිදු කරන ලදී.
මෙම නිවාඩු නිකේතනය සහ දන්ත ශෛල්‍යාගාරය නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශයේ නාවික පුද්ගලයන්ගේ දැනුමින් සහ ශ්‍රමදායකත්වයෙන් ඉදිකරන ලද අතර, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය දායකත්වය නාවික හමුදාව විසින් සපයන ලදී.
මෙම අවස්ථාවන් සඳහා නාවික හමුදා මූලස්ථානයේ සහ ගිණිකොන නාවික ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයන් විශාල පිරිසක් සහභාගි විය.
නිලධාරින් සහ නාවිකයින් ඇමතීම





නව දන්ත රසායනාගාරය විවෘත කිරීම











අලුතින් ඉදිකරන ලද නව නිලධාරී නිවාඩු නිකේතනය විවෘත කිරීම









