නාවික හමුදා රුවල් යාත්රා සංචිතයට ජයග්රහණ රැසක්
කොළඹ රාජකීය රුවල් යාත්රා සමාජය මගින් සංවිධානය කරන ලද “Indian Cup Sailing Regatta - 2017” රුවල් ඔරු තරඟාවලිය පසු ගිය 25 වන දින බොල්ගොඩ ජලාශයේදී පැවැත්වුනු අතර, එහිදී ජයග්රහණ රැසක් අත්කර ගැනීමට නාවික හමුදා රුවල් යාත්රා කණ්ඩායමට හැකි විය.
මෙම තරඟාවලිය සඳහා විවිධ ක්රීඩා සමාජයන් නියෝජනය කරමින් රුවල් යාත්රා 31 ක් සමග තරඟකරුවන් 40 දෙනෙකු පමණ සහභාගී වී සිටියහ. ඒ අනුව, තරඟාවලියේ ලේසර් අංශයේ පළමු ස්ථානය, දෙවන ස්ථානය සහ එන්ටප්රයිස් අංශයේ පළමු, දෙවන හා තෙවන ස්ථාන ද දිනා ගැනීමට නාවික හමුදා රුවල් ඔරු සංචිතයේ ක්රීඩක ක්රීඩිකාවන්ට හැකි විය.








