ග්ලයිකොපොස්ෆේට් කිලෝග්රෑම් 630 ක් නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදාවට ලැබුණු තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (29) කීරමුණ්දලම ප්රදේශයේ පඳුරක් තුළ සඟවා තිබූ ග්ලයිකොපොස්ෆේට් කිලෝග්රෑම් 630 ක් අඩංගු මලු 21 ක් (ග්රෑම් 100) සොයා ගන්නා ලදී.
ඒ අනුව D- era ග්ලයිකොපොස්ෆේට් පැකට් 1500 ක් සහ Anu 71 ග්ලයිකොපොස්ෆේට් පැකට් 4800 ක් මෙම වැටලීමේදී සොයා ගෙන ඇත.
මෙම රසායනිකය පොහොර සමඟ මිශ්ර කර භාවිතා කරන බවට තොරතුරු වාර්තා වී ඇති අතර, සොයාගත් ග්ලයිකොපොස්ෆේට් තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘමිනාශක අංශය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
තවද, පසුගිය 21 වන දින පෙරියපාඩු ප්රදේශයේ ලොරි රථයකින් ප්රවාහනය කරමින් තිබූ ග්ලයිකොපොස්ෆේට් පැකට් 4205 ක් (ග්රෑම් 100), සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.




