වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් දියේ ගිලෙමින් සිටි විදේශිකයින් 3 දෙනෙකු බේරා ගැනේ
මිරිස්ස වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දිය නෑමට ගොස් ජල පහරකට හසු වී ගිලෙමින් සිටි විදේශිකයින් තිදෙනෙකු බේරා ගැනීමට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත ජීවිතාරක්ෂක කණ්ඩායමේ නාවිකයන් පිරිසක් අද (30) සමත් විය.
බේරාගත් විදේශිකයින් චෙක් ජනපදය සහ රුසියාව යන රටවල් වල පුරවැසියන් වේ. ඔවුන් අතර, කාන්තාවන් දෙදෙනෙකු (2) ද සිට ඇත. ඔවුන් නිරුපද්‍රිතව බේරා ගැනීමෙන් අනතුරුව සුරක්ෂිත ලෙස ගොඩබිම වෙත රැගෙන ඒමට එම නාවිකයන් කටයුතු කරන ලදී.



