අඹතලේ ජල පවිත්‍රාගාරය පිරිසිදු කිරීමේ කටයුතු සඳහා නාවික හමුදා සහාය
අඹතලේ ජල පවිත්‍රාගාරයේ ජල ටැංකි පිරිසිදු කිරීමේ කටයුතු ඊයේ (29) ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් අංශයේ සහ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ නාවික පුද්ගලයින් විසින් සිදු කරන ලදී.
මේ අනුව, ජලය රැස් කරන, පිරිපහදු කරන සහ බෙදා හරිනු ලබන ටැංකි 10 ක සිරවී තිබූ රොන් මඩ, පාසි, සහ වෙනත් සුන්බුන් ඉවත් කිරීම එහිදී සිදු කෙරිණි.
මෙම කර්තව්‍ය සඳහා කිමිදුම් අංශයේ නාවිකයන් 10 දෙනෙකු සහ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයට අනුයුක්ත නාවිකයන් 12 දෙනෙකු සිය ශ්‍රම දායකත්වය ලබා දෙන ලදී.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මහජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන සමාජ සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් මෙම මහඟු කර්තව්‍යය සිදු කර ඇත.





