අසාධ්‍ය රෝගියෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිමට ගෙන ඒමට නාවික හමුදාවේ සහාය
කටාර් රාජ්‍යයේ සිට දකුණු කොරියාව බලා ගමන් කරමින් තිබූ ග්‍රීසියට අයත් “ALONISSON” නැමති වෙළඳ නෞකාවේ සිටි විදේශික පුද්ගලයෙකු හට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන්, ඔහු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා කොළඹ වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද (30) කටයුතු කරන ලදී.
ඒ අනුව, රෝගියා රැගෙන ඒම සඳහා පි 421 වේග ප්‍රහාරක යාත්‍රාව එම නෞකාව වෙත පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කළ අතර, කොළඹ ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 31 ක් පමණ දුරකදී රෝගියා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත ලබා ගෙන ඇත. ඉන් අනතුරුව ඔහු කොළඹ වරායේ පිහිටි ශ්‍රි ලංකා නාවික නෞකා රංගල ආයතනය වෙත රැගෙන ඒමෙන් පසු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා කොළඹ නවලෝක රෝහල වෙත ඇතුලත් කිරීමට කටයුතු කෙරිණි.





