නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (30) සිදු කළ සෝදිසි කිරීමකදී මන්නාරම, වන්කාලෙයිපාඩු මුහුදු ප්රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී, ඩිංගි යාත්රා 2 ක්, මීටර් 220 ක පමණ දිගකින් යුත් තහනම් මාළු දැල් 2 ක් සහ අල්ලන ලද මසුන් කිලෝග්රෑම් 10 ක් ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන්, ධීවර ආම්පන්න සහ අනෙකුත් භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


