සාර්ථක සංචාරයකින් පසු සයුර නෞකාව යලි දිවයිනට පැමිණෙයි
මලයාසියාවේ පැවැත් වූ 14 වන ජාත්‍යන්තර සාගරික හා ගුවන් ප්‍රදර්ශණයට (ලීමා 2017) සහභාගීවීම සඳහා පසුගිය 14 වන දින ශ්‍රී ලංකාවෙන් පිටත් වූ නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන ශ්‍රීලංනානෞ සයුර නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව අද (31) නැවතත් කොළඹ වරායට සේන්දු විය. එහිදී, නාවික සම්ප්‍රදායානුකූලව නාවික හමුදාව විසින් සයුර නෞකාව පිළිගන්නා ලදී.
ඉන් අනතුරුව නෞකාවේ අණදෙන නිලධාරී, කොමදෝරු ප්‍රසන්න අමරදාස මහතා බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවී සංචාරයේ සිදු කරන ලද ක්‍රියාකාරකම් හා ප්‍රගතිය පිළිබඳ සුහද කථාබහක නිරත විය.
සයුර නෞකාව සහභාගී වූ මෙම අභ්‍යාසය සඳහා මලයාසියානු රාජකීය නාවික හමුදාවට අයත් නාවික නෞකාවන් සහ සෙසු රටවල් නියෝජනය කරමින් තවත් නෞකාවන් සම්බන්ධ විය. එම රටවල් අතර ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ඉතාලිය, පාකිස්තානය, පිලිපීනය, ඕස්ට්‍රේලියාව, තායිලන්තය, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, වියට්නාමය සහ ඉන්දියාව ඇතුළත් විය. අධියර 4 ක් යටතේ ක්‍රියාත්මක වූ මෙම අභ්‍යාසය මගින් නව දැනුමක් හා අත්දැකීම් රාශියක් ලබා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකි වීම විශේෂ කාරණයක් ලෙස දැක්විය හැක.







