නාවික හමුදා ගොල්ෆ් කණ්ඩායම සිය ප්‍රථම විදෙස් සංචාරය සඳහා සහභාගී වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරී ගොල්ෆ් ක්‍රීඩා කණ්ඩායම තායිලන්තයේ බැංකොක් නුවරදී සිය පළමු විදෙස් ක්‍රීඩා තරඟාවලිය සඳහා සහභාගී විය. මෙම තරඟාවලිය පසුගිය 25 සහ 26 යන දෙදින බැංකොක් නුවර වෝටර්මීල් ගොල්ෆ් ක්‍රීඩාංගනයේදී පැවැත් වූ අතර, ඒ සඳහා තායිලන්ත රාජකීය නාවික හමුදා ගොල්ෆ් ක්‍රීඩා කණ්ඩායමේ නිලධාරීන් 7 දෙනෙකු සහභාගී විය.
එහි දිගු දුර විදීම අංශයෙන් ජයග්‍රහණය අත් කර ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කොමාණ්ඩර් හර්ෂ උඩවත්ත මහතා සමත් විය. මෙවැනි තරඟාවලියක් සඳහා නාවික හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් පමණක් සහභාගී වූ පළමු අවස්ථාව මෙය බවට සනිටුහන් වන අතර, නාවික හමුදා ගොල්ෆ් සංචිතයේ ලේකම් වශයෙන් කටයුතු කරනු ලබන කොමදෝරු සුදත් ලේල්වල මහතා මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී.
රටවල් අතර නාවික හමුදාවන්ගේ සුහදතාවය වර්ධනය කර ගැනීම මෙම තරඟාවලියේ මූලික අරමුණ වන අතර, ඉදිරියේදීත් මෙවැනි සුහද තරඟාවලි පැවැත්වීමට නියමිතව ඇත. නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදා ගොල්ෆ් ක්‍රීඩකයින්ට අවශ්‍ය පුහුණුව ලබා දෙන අතර, එතුමා නාවික හමුදා ගොල්ෆ් සංචිතයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරනු ලබයි.














