කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.2 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් සහ මන්නාරම, පොලිස් විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී අද (1) මන්නාරම පුද්ගලික බස් නැවතුම්පොළ අසලදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.2 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එම පුද්ගලයා සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, පොලිස් විෂ මත්ද්‍රව්‍ය ඒකකය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
තවද, පසුගිය මාර්තු මස 28 වන දින කේරළ ගංජා කිලෝග්‍රෑම් 5 ක් සමග පුද්ගලයන් 4 දෙනෙකු ආනමඩුව, නවගත්තේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.


