නාවික හමුදාව සහ පොලීසිය එක්ව සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්රෑම් 8.275 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් සහ මුලන්කාවිල්, පොලිසියේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී අද (1) කිලිනොච්චිය, මුලන්කාවිල් ප්රදේශයේදී කේරළ ගංජා කිලෝග්රෑම් 8.275 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇත.
එම පුද්ගලයන් සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලන්කාවිල්, පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි. තවද, අද (1) පෙරවරුවේ ද මන්නාරම ප්රදේශයේදී කේරළ ගංජා කිලෝග්රෑම් 4.2 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

