පාපන්දු සම්මේලන 2017, පා පන්දු තරඟාවලියේ ජයග්රහණය නාවික හමුදාවට
ශ්රී ලංකා නාවික හමුදා පා පන්දු කණ්ඩායම සහ යාපනය ශාන්ත නිකලස් පා පන්දු කණ්ඩාම අතර ඊයේ (2) යාපනය, දොරේඅප්පා ක්රීඩාංගනයේ පැවති පා පන්දු සම්මේලන 2017, පා පන්දු තරඟාවලියෙන් (FA Cup) ගෝල 1 ට 0 ක් වශයෙන් තියුණු ජයක් අත්කර ගැනීමට නාවික හමුදා පාපන්දු කණ්ඩායම සමත් විය.
එම අවස්ථාව සඳහා ප්රධාන ආරාධිත අමුත්තා වශයෙන් උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා සහභාගී විය. තවද, උතුරු නාවික විධානය නියෝජනය කරමින් නිලධාරීන්, නාවිකයන් මෙන්ම සිවිල් ජනතාව විශාල පිරිසක් ද එම තරඟාවලිය නැරඹීම සඳහා සහභාගී වී සිටියහ.






