අපදාවට පත් ධීවර යාත්‍රාව බේරාගැනීමට ඉන්දීය වෙරළාරක්ෂක අංශයේ සහය
ත්‍රිකුණාමලය ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ‘EVINDI’ 01 නැමැති ට්‍රෝලර් යාත්‍රාව එහි ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දීයානු මුහුදු සීමාව ආසන්නයට ගසා ගෙන ගොස් ඇති අතර, එහි සිටි ධීවරයින් පස් දෙනෙකු සහ එම යාත්‍රාව ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් නාවික පුද්ගලයින් විසින් බේරා ගෙන ඇත.
ඒ අනුව ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් ‘අභීක්’ නෞකාව මගින් අනතුරට පත් වූ ට්‍රෝලර් යාත්‍රාව එහි සිටි ධීවරයින් කන්සතුරේයි සිට මුහුදු සැතපුම් 15 ක් පමණ දුරකින් පිහිටි අන්තර් ජාතික මුහුදු සීමාවේදී අද (5) ශ්‍රී ලංකා නාවික නෞකා රණවික්‍රම නෞකාව වෙත භාර දෙන ලදී.
ශ්‍රී ලංකාවේ සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ දැනුම් දීමකට අනුව, චෙන්නායි හි පිහිටි සමුද්‍රීය මුදවාගැනීමේ මධ්‍යස්ථානය ඉන්දීය වෙරළාරක්ෂක බලකාය දැනුවත් කිරීම මගින් මෙම ධීවරයින් කඩිනමින් මුදා ගැනීමට හැකි විය.
ඉන්දීය වෙරළාරක්ෂක බළකාය නිරික්ෂණ යාත්‍රා යොදා ගනිමින් එම ප්‍රදේශය සෝදිසී මෙහෙයුම් සිදු කළ අතර, එහි ප්‍රථිපලයක් වශයෙන් එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබු ධීවර යාත්‍රාව සහ ධීවරයින් සොයා ගැනීමට හැකි විය.
මෙම බහුදින ධීවර යාත්‍රාව ත්‍රිකුණාමලය වරායෙන් පසු ගිය මාර්තු මස 24 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති අතර, අප්‍රේල් මස 1 වන දින යාත්‍රාවේ ඇති වු දෝෂයක් හේතුවෙන් පේදුරු තුඩුවට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේදී මෙම ආපදාවට ලක් වී ඇත. එම ට්‍රෝලර් යාත්‍රාව කන්කසන්තුරේයි වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව එහි හිමිකරුට භාරදීමට නියමිතය.





