නාවික හමුදාධිපතිතුමන් බ්‍රසීල නාවික හමුදාධිපතිතුමන් හමුවේ
බ්‍රසීලයේ රියෝද ජනෙයිරෝ නුවර පැවැත්වෙන ඇමරිකානු අභ්‍යාවකාශ හා ආරක්ෂක ප්‍රදර්ශණයට (LAAD - 2017) සහභාගි වෙමින් සිටින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (4) බ්‍රසීල නාවික හමුදාධිපති අද්මිරාල් එඩුආර්ඩෝ ලීල් ෆෙරෙයිරා මහතා හමු වන ලදී.
මෙහිදී ඔවුන් අනන්යෙය සහ ද්විපාර්ශික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අනාගත ක්‍රියා මාර්ග සඳහා බ්‍රසීල නාවික හමුදාවෙන් අවශ්‍ය සහය ලබා දීමට ක්‍රියා කරන බවද බ්‍රසීල නාවික හමුදාධිපතිතුමන් පොරොන්දු විය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමරුවක් ද සිදු විය. බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ජෙනරාල් (විශ්‍රාමික) ජගත් ජයසුරිය මහතා ද මෙම අවස්ථාවට එක් විය.


