ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 6 ක් ජනතා අයිතියට පත් කෙරේ
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි. එහි එක් ව්‍යාපෘතියක් ලෙස වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති ප්‍රදේශයන්හි ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලනු වස් එම ප්‍රදේශයන්හි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම හදුන්වා දිය හැක.
ඒ අනුව මැදිරිගිරිය දිවුලන්කඩවල, වඩිගෙවැව, ධර්ම ජයන්ති විහාරය, දිඹුලාගල නව මිලාන පුල්ලියගොඩ රජමහා විහාරය, කැකිරාව මඩාටුගම සහ තිරප්පනේ වෙල්ලමුදාව යන ගම්මානයන්හි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 6 ක් ස්ථාපනය කිරීමට නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය කටයුතු කරන ලද අතර, එම යන්ත්‍ර අද (6) දින ජනතා අයිතියට පත් කරන ලදී.
ඒ අනුව, දිවුලන්කඩවල ගම්මානයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 620 කට, වඩිගෙවැව ගම්මානයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 495 කට, ධර්ම ජයන්ති විහාරය චේතියගිරිය විහාරස්ථානයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 590 කට, නව මිලාන පුල්ලියගොඩ රජමහා විහාරයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 470 කට, මඩාටුගම ගම්මානයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 510 කට සහ වෙල්ලමුදාව ගම්මානයේ ස්ථාපිත ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 1500 කට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකියාව උදා වී ඇත.
තවද, දිවුලන්කඩවල, වඩිගෙවැව, ධර්ම ජයන්ති විහාරස්ථානය, මඩාටුගම සහ වෙල්ලමුදාව යන ස්ථානයන්හි ඉදිකර ඇති ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර සඳහා ජනාධිපති වකුගඩු රෝග නිවාරණ කාර්ය සාධන බලකාය විසින් මූල්‍යමය දායකත්වය ලබා දී ඇති අතර නව මිලාන පුල්ලියගොඩ රජමහා විහාරයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය සදහා බුද්ධ ශාසන අමාත්‍යාංශය මගින් මුල්‍ය දායකත්වය සපයා ඇත.
මේ දක්වා මෙවැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 185 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 86586 කට හා පාසැල් දරු දැරියන් 64581 කට වැඩි පිරිසකට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කර ඇත. තවද, ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.











