ශ්‍රීලංනානෞ සමුදුර සහ සුරනිමිල නෞකාවන්ගේ ඉන්දියානු සංචාරය
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ශ්‍රීලංනානෞ සමුදුර සහ ශ්‍රීලංනානෞ සුරනිමිල යන නෞකාවන් පසුගිය 4 වන දින සුහදතාවය වර්ධනය කර ගැනීමේ සහ පුහුණු සංචාරයක් උදෙසා කොළඹ වරායෙන් ඉන්දියාව බලා පිටත් විය.
එම ගමන් වාරය අතරතුරදී නෞකාවේ නැව් මුළුව නාවික අභ්‍යාසයන් කීපයක් ද සිදු කරන ලදී. ඒ අනුව, ඔවුන් ගිනි නිවීම සහ ආපදා මර්ධන, නෞකාවන් සමාන්තරව තබා ගනිමින් යාත්‍රා කරවීම, නෞකාවකින් තවත් නෞකාවක් ඇදගෙන යාම සහ යාත්‍රාවකට ගොඩවීම, සෝදිසි කිරීම හා අත්අඩංගුවට ගැනීම යන ක්‍රියාකාරකම් සිදු කරන ලදී.
ඉන් අනතුරුව, ඔවුන් පසුගිය 6 වන දින ඉන්දියාවේ කොචින් වරාය වෙත සේන්දූ විය. එහිදී, නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් වන කපිතාන් ජගත් ප්‍රේමරත්න මහතා සහ කපිතාන් රෝහිත අබේසිංහ මහතා ඉන්දියාවේ දකුණු නාවික විධානය භාර ප්‍රධාන ධජ නිලධාරී, වයිස් අද්මිරාල් ඒආර් කාර්ව් මහතා සහ ධජ නිලධාරී මුහුදු පුහුණු කිරීම් වශයෙන් කටයුතු කරනු ලබන, රියර් අද්මිරාල් එම්ඒ හම්පිහෝලි මහතා යන ජ්‍යේෂඨ නාවික නිලධාරීන් හමුවී සුහද කථාබහක නිරත විය. එම අවස්ථාවන් සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවන් ද සිදු කෙරිණි.
මෙම නිල සංචාරයේදී නෞකාවන්ගේ නැව් මුළුව, ජල තරණ පුහුණු පාසල, දිය යට සංග්‍රාමික පුහුණු පාසල, සංඥා පාසල සහ අවි පාසල යන නාවික පුහුණු මධ්‍යස්ථානයන්හි ද සංචාරය කරන ලදී. ශ්‍රීලංනානෞ සමුදුර සහ සුරනිමිල යන නෞකාවන් ද්විත්වය සිය කර්තව්‍යයන් සාර්ථක ලෙස නිමා කරමින් අද (9) කොචින් වරායෙන් නැවත ශ්‍රී ලංකාව බලා යාත්‍රා කිරීමට නියමිතය.
ගිනි නිවීම සහ ආපදා මර්ධන අභ්‍යාසයන් සිදු කිරීම



නෞකාවන් සමාන්තරව තබා ගනිමින් යාත්‍රා කරවීම






නෞකාවකින් තවත් නෞකාවක් ඇදගෙන යාම



යාත්‍රාවකට ගොඩවීම, සෝදිසි කිරීම හා අත්අඩංගුවට ගැනීම



ඉන්දියාවේ දකුණු නාවික විධානය භාර ප්‍රධාන ධජ නිලධාරී, වයිස් අද්මිරාල් ඒආර් කාර්ව් මහතා හමුවීම



ධජ නිලධාරී මුහුදු පුහුණු කිරීම්, රියර් අද්මිරාල් එම්ඒ හම්පිහෝලි මහතා හමුවීම





ජල තරණ පුහුණු පාසල, දිය යට සංග්‍රාමික පුහුණු පාසල, සංඥා පාසල සහ අවි පාසලේ චාරිකාවක නිරත වීම














