මුහුදු ඌරුමස් කිලෝග්රෑම් 82 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරුමැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (9) ඔලුතුඩුවායි ප්රදේශයේදී නීති විරෝධී ලෙස ප්රවාහනය කරමින් සිටි මුහුදු ඌරුමස් කිලෝග්රෑම් 82 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. එහිදී, මුහුදු ඌරුමස් කිලෝග්රෑම් 82 ක් සහ පිහි 03ක් අත්අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි විමර්ශණ කටයුතු සඳහා වනජීවී දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කරන ලදි.


