යාපනය අර්ද්වීපයේ අනලතිව් දූපතෙහි ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් ඊයේ (9) යාපනය අර්ද්වීපයේ, අනලතිව් ප්‍රාදේශීය රෝහලේ දී ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදි. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ සහ උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ අනුග්‍රහය මත එම වෛද්‍ය සායනය ඉතා සාර්ථක ලෙස පැවැත්වීමට හැකි විය.
යාපනය අර්ද්වීපයේ මණ්ඩතිව් සහ අනලතිව් දූපත්වල නැවත පදිංචි කළ සිවිල් පුද්ගලයින් 538 කට මෙමගින් ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව උදා විය. එම කර්තව්‍ය සඳහා යාපනය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ, වෛද්‍ය ටී සත්‍යමූර්ති මහතා ඇතුළු කාර්යය මණ්ඩලය ද එක් වී සිටියහ. මෙම දූපත් ආශ්‍රිතව ජීවත් වන සිවිල් පුද්ගලයින් ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවනු වස් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිරන්තරයෙන් සිදු කරනු ලබන සේවය ඔවුන්ගේ පැසසුමට ලක් විය.
ඒ අනුව මෙම වැඩසටහන් මගින් ළමා රෝග, මුඛ සෞඛ්‍ය ගැටළු, ප්‍රසව හා නාරිවේදය සාමාන්‍ය ශල්‍යකර්ම, උගුර, කණ, නාසය, අක්ෂි ආශ්රිත රෝග, නිදන්ගත බෝ නොවන රෝග, නව යොවුන් වියේ සහ වැඩිහිටි වයසේ පසුවන පුද්ගලයින්ගේ සෞඛ්‍ය ගැටළු, ළමා සහ ගර්භනී මාතාවන්ගේ සෞඛ්‍ය ගැටළු සහ කාන්තාවන්ගේ සෞඛ්‍ය ගැටළු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් ගෙන් ප්‍රථිකාර ලබා ගැනීමට හැකියාව උදා විය. තවද මූලික රසායනාගාර පරීක්ෂණ මගින් නිදන්ගත මෙන්ම බෝ නොවන රෝගී තත්ත්වයන් එහි මුලික අවස්ථාවේදීම හඳුනාගෙන ඒවා සඳහා ප්‍රථිකාර ලබා දී ඔවුන් සුරක්ෂිත කිරීමටද එම වෛද්‍ය සායනය මගින් හැකියාව ලැබිණි. ගර්භනී ප්‍රථිකාර හා කාන්තා සෞඛ්‍ය සේවා ප්‍රතිකාර, සියලු රසායනාගාර පරීක්ෂණ සහ ඖෂධ යාපනය ශික්ෂණ රෝහල් වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් නොමිලේ ලබා දෙන ලදි.





