ප්‍රති අාශ්රැත ජල පිරිපහදු යන්ත්‍ර 5 ක් ජනතා අයිතියට පත් කෙරේ
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි. එහි එක් ව්‍යාපෘතියක් ලෙස වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති ප්‍රදේශයන්හි ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලනු වස්, ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම හදුන්වා දිය හැක.
ඒ අනුව, දඹුල්ල දමනයාය, අනුරාධපුර ප්‍රදේශයේ කුඩාගම සහ හල්මිල්ලෑව මායිංගමුව, පුත්තලම ප්‍රදේශයේ තබ්බෝව, මැදිරිගිරිය ප්‍රදේශයේ තිස්සපුර යන ගම්මානයන්හි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 5 ක් ස්ථාපනය කිරීමට නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය කටයුතු කරන ලදී. එම ජල පිරිපහසු යන්ත්‍ර අද (10) එම ප්‍රදේශයන් හිදී උත්සවාකාරයෙන් ජනතා අයිතියට පත් කෙරුණි.
දමනයාය ගම්මානයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 1200 කට, කුඩාගම ගම්මානයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 620 කට, මායිංගමුව ගම්මානයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 550 කට, තබ්බෝව ගම්මානයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 520 කට, තිස්සපුර ගම්මානයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ප්‍රදේශයේ පවුල් 570 කට ද පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකියාව උදා වී ඇත.
තවද, තිස්සපුර ගම්මානයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය සඳහා වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය විසින් මූල්‍යමය දායකත්වය ලබා දී ඇති අතර, දඹුල්ල දමනයාය, රඹෑව කුඩාගම, හල්මිල්ලෑව මායිංගමුව, පුත්තලම තබ්බෝව ගම්මාන වල ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍ර සඳහා සිරස ගමිමැද්ද දින 100 වැඩ සටහන මගින් මුල්‍යමය දායකත්වය ලබා දී ඇත. තවද, මෙම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර සුර්ය බල ශක්තියෙන් ක්‍රියාකරවීම සදහා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය කටයුතු කරමින් සිටින අතර, මේ වන විට තණමල්විල හම්බෙගමුව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 5 ක් සුර්ය බල ශක්තියෙන් ක්‍රියාකරවීම ඉතා සාර්ථකව සිදු කරගෙන යනු ලබයි.
මෙම ජල පිරිපහදු යන්ත්‍ර නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් නිෂ්පාදනය කර ඇත. මේ දක්වා මෙවැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 190 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 90,046 කට හා පාසැල් දරු දැරියන් 70,200 කට වැඩි පිරිසකට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කරන ලදී. එමෙන්ම, ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.













