සාර්ථක පුහුණු සංචාරයක් නිම කරමින් ශ්‍රීලංනානෞ සමුදුර සහ සුරනිමිල නෞකාවන් දිවයිනට පැමිණෙයි
පසුගිය 4 වන දින කොළඹ වරායෙන් ඉන්දියාව බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශ්‍රීලංනානෞ සමුදුර සහ සුරනිමිල යන නෞකාවන් සාර්ථක සංචාරයකින් අනතුරුව අද (11) නැවත දිවයිනට ලඟා විය. මෙම සංචාරයේ අරමුණ වූයේ දෙරටේ සුහදතාවයන් වර්ධනය කිරීම සහ පුහුණු කාර්යයන් ප්‍රගුණ කිරීමයි.
කොළඹ වරායට පැමිණීමෙන් අනතුරුව, නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් වන කපිතාන් ජගත් ප්‍රේමරත්න සහ කපිතාන් රෝහිත අබේසිංහ යන මහත්වරුන්, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවී සංචාරයේ සිදු කරන ලද ක්‍රියාකාරකම් හා ප්‍රගතිය පිළිබඳ හදුන්වා දීමක් සිදු කරන ලදී.
නෞකාවන් ද්විත්වය පසුගිය 6 වන දින ඉන්දියාවේ කොචින් වරාය වෙත සේන්දූ වූ අතර, එහිදී, නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් ඉන්දියානු දකුණු නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවිය. තවද, ඔවුන් හට ඉන්දියාවේ සිටි කාලය අතරතුරදී එරට නාවික පුහුණු පාසල් කිහිපයක සංචාරය කිරීමට අවස්ථාව උදාවිය. එමෙන්ම සංචාරය අතරතුරදී ඔවුන් නාවික පුහුණු අභ්‍යාසයන් කීපයක් ප්‍රගුණ කිරීමට ද අවස්ථාව උදා කර ගත්හ.
මුහුදු ගමන් අත්දැකීම් ලබා ගැනීම හරහා පුහුණු වන නිලධාරීන් පන්ති කාමර තුළින් ලබා ගන්නා දැනුම තවදුරටත් වර්ධනය කර ගැනීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ විය. මේ සඳහා නෞකාවන්ගේ කාර්යය මණ්ඩලය සහ පුහුණු වන මධ්‍ය නිලධාරීන් 43 දෙනෙකු සහභාගී වී සිටියහ.
සුහද සංචාර සහ නාවික අභ්‍යාසයන්ට අමතරව පුහුණු සංචාරයන් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකාවන් වසරකට දෙවතාවක් විදේශ සංචාරයන්හි නිරත වනු ලබයි. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ අපේක්ෂාවන් මුදුන්පත් කරමින්, සාගරික කළාපයන්හි ඇති අභියෝගයන්ට මුහුණ දීමේ සහ සිය පුහුණු හැකියාවන් මෙන්ම මෙහෙයුම් සූදානම වැඩිදියුණු කර ගැනීමේ අරමුණින් මෙම පුහුණු සංචාරය සඳහා නාවික හමුදාව සහභාගී විය.







