ලුතිනන් ගුණවර්ධන විසින් රචනා කරන ලද කෘති 2 ක් එළි දැක්වේ
ලුතිනන් විශන්ක ගුණවර්ධන මහතා විසින් රචනා කරන ලද ‘පවුල ලොවේ උතුම්ම සම්පතයි’ සහ ‘ප්‍රායෝගික මනෝ චිකිත්සා’ නමැති කෘති දෙකක් එළිදැක්වීමේ උළෙල අද (12) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහභාගී විය. මෙම අවස්ථාවේ විශේෂ දේශණය සඳහා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශාන්ති කුමා හෙට්ටිආරච්චි මහතා එක්විය.
එහිදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හෙට්ටිආරච්චි මහතා, ඉතාමත් කාලෝචිත කරුණු රැසක් අළලා මෙවැනි කෘතීන් රචනා කිරීම සම්බන්ධව ලුතිනන් ගුණවර්ධන මහතා දක්වන ලද කැපවීම හා ඔහුගේ හැකියාව පිළිබඳව සිය ප්‍රශංසාව පිරිනමන ලදී. නාවික හමුදා පුද්ගලයන් වශයෙන් තම දැනුම, අත්දැකීම් සහ තම හැකියාවන් ප්‍රයෝජනයට ගනිමින් මෙවැනි ග්රන්ථ රචනා කිරීමේ ඇති වැදගත්කම පිළිබඳව ද එතුමා සිය විශේෂ දේශණයේදී වැඩිදුරටත් අදහස් දැක්වීය.
එම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් ද සහභාගී වී සිටියහ.








