කේරළ ගංජා කිලෝග්රෑම් 20 ක් සොයා ගැනේ
උතුරු නාවික විධානයට ලද බුද්ධි තොරතුරක් මත එම නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (12) ඩෙල්ෆ්ට් දූපතේ වල්ලියාර් වෙරළ තීරයේ තිබී අතහැර දමා ගොස් තිබූ කේරළ ගංජා කිලෝග්රෑම් 20 ක් සොයා ගන්නා ලදී.
ඇසුරුම් 10 ක බහා තිබූ එම කේරළ ගංජා තොගය ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

