ගෝපාල්පුරම් මුහුදු ප්රදේශයේ දියේ ගිලෙමින් සිටි කාන්තාවක් බේරා ගැනේ
ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත ජීවිතාරක්ෂක කණ්ඩායමේ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (14) ගෝපාල්පුරම් ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී දියේ ගිලෙමින් සිටි කාන්තාවක් බේරා ගැනීමට සමත් විය. මෙසේ බේරා ගනු ලැබුවේ කොළඹ ප්රදේශයේ පදිංචි එම් අෂ්මිනා නැමැති වයස අවුරුදු 31 ක් වයැසැති කාන්තාවක් වේ.
