තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් විවෘත කෙරේ
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි. එහි එක් ව්‍යාපෘතියක් ලෙස වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති ප්‍රදේශයන්හි ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලනු වස් එම ප්‍රදේශයන්හි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම හදුන්වා දිය හැක. ඒ අනුව කයිටිස් දූපතේ ශාන්ත මේරිස් ක්‍රිස්තියානි දේවස්ථානයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය ඉතා උත්සවාකාරයෙන් අද (16) විවෘත කෙරිණි.
මෙම උත්සව අවස්ථාව සදහා පැමිණි යාපනය දියෝකීසියේ අගරදගුරු අතිඋතුම් ජස්ටින් බර්නාඩ් ඥානප්‍රකාසම් හිමිපාණන් විසින් වකුගඩු රෝගයෙන් අහිංසක ජනතාව බෙරා ගැනීම සදහා කාලෝචිත සේවාවක් ලෙස නාවික හමුදාව මගින් දිවයින පුරා සිදු කරගෙන යනු ලබන මෙම සමාජ සත්කාරක සේවාව ඉමහත් ඇගයීමකට ලක් කරන ලදී. දිගු කාලයක් තිස්සේ ශාන්ත මේරිස් ක්‍රිස්තියානි දේවස්ථානයට අවශ්‍යතාවයක්ව පැවති මෙම ජල පිරිහදු යන්ත්‍රය ලබා දීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපතිතුමා ඇතුළු සියළුම නාවික පුද්ගලයින්ට සිය හෘදයාංගම ස්තූතිය පුද කරන ලදි. තවද ශාන්ත මේරිස් ක්‍රිස්තියානි දේවස්ථානයේ ප්‍රධාන පියතුමා ඇතුළු පූජකවරුන් විසින් දේව මෙහෙයක් පවත්වා නාවික හමුදාධිපතිතුමා ඇතුළු නාවික හමුදාවට දේවාශිර්වාද ලබා දීම ද මෙහිදි සිදු කෙරිණි. මෙම උත්කර්ශවත් අවස්ථාව සදහා උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා, එම විධානයේ ජ්‍යෙෂ් සහ කනිෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයන්, බැතිමතුන් සහ ප්‍රදේශයේ සිවිල් ජනතාව විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
තවද මෙම ජල පිරිපහදු යන්ත්‍රය නාවික හමුදා සමාජ සත්කාරක අරමුදලේ මූල්‍යමය දායකත්වයෙන් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් දින දෙකක් වැනි කෙටි කාලයක් තුළ නිෂ්පාදනය කර මෙම දෙවස්ථානයේ ස්ථාපිත කිරීමට කටයුත කරන ලදී. ඒ සඳහා අවශ්‍ය ගොඩනැඟිල්ල උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ උපදෙස් මත එම විධානයට අනුයුක්ත සිවිල් ඉංජිනේරු අංශයේ නාවික පුද්ගලයින් විසින් ඉතා කෙටි කාලයක් තුළ ඉදි කරන ලදි .මේ දක්වා මෙවැනි ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 191 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 90646 කට හා පාසැල් දරු දැරියන් 70200 කට වැඩි පිරිසකට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කර ඇත. තවද, ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.











