කේරළ ගංජා කිලෝග්රෑම් 6.265 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් සිදු කළ වැටලීමකදී ඊයේ (18) චාවකච්චේරි හි පිරිටි කුඩායිරිප්පු ප්රදේශයේදී කේරළ ගංජා කිලෝග්රෑම් 6.265 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එම කේරළ ගංජා තොගය යතුරු පැදියක් මගින් ප්රවාහනය කරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට පත් වී ඇති අතර, එම පුද්ගලයා, යතුරු පැදිය සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මරතන්කේනි පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

