හෙරොයින් ග්රෑම් 1.2 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ පමුණුගම පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ සෝදිසි කිරීමකදී ඊයේ (19) පමුණුගම ප්රදේශයේදී යතුරු පැදියක් මගින් රැගෙන යමින් තිබූ හෙරොයින් ග්රෑම් 1.2 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගන්නා ලදී.
එම සැකකරුවන්, යතුරු පැදිය සහ හෙරොයින් ප්රමාණය ඉදිරි නීතිමය කටයුතු සඳහා පමුණුගම පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
