අභිනවයෙන් ඉදිකළ නාවික හමුදා සංගමයේ ලේකම් කාර්යාලය විවෘත කෙරේ
වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ අභිනවයෙන් ඉදිකරන ලද ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ ලේකම් කාර්යාලය විවෘත කිරීම අද දින (20) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් සිදු කෙරුණි. මහල් 4 ක් සඳහා සැළසුම් කොට ඇති මෙම ගොඩනැගිල්ලේ පළමු මහලෙහි වැඩ කටයුතු මේ වන විට නිම කර ඇත.
නාවික හමුදා සංගමයට ස්ථිර කාර්යාල සංකීර්ණයක අවශ්‍යතාවය දීර්ඝ කාලයක සිට පැවති අතර, පසුගිය වර්ශයේ (2016) අගෝස්තු මස 4 වන දින මෙම ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම සිදු කෙරිණි. නාවික හමුදා සංගමයේ මූල්‍යමය දායකත්වය මත නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශයේ නිලධාරීන්ගේ සහ නාවිකයන්ගේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් නවීන පහසුකම් වලින් යුක්තව මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සිදු කරමින් පවතී.
මෙම ලේකම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්ණය, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන්, සේවා මුක්ත භට සංගමයේ සභාපති, බ්‍රිගේඩියර් (විශ්‍රාමික) කේඒ ඥාණවීර මහතා, නාවික හමුදා සංගමයේ සභාපති, කපිතාන් (විශ්‍රාමික) ඩීඒ විජේගුණවර්ධන මහතා, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, නාවික හමුදා සංගමයේ සාමාජික සාමාජිකාවන් සහ නාවිකයන් පිරිසක් ද සහභාගී වී සිටියහ. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් සිදු කෙරුණු අතර, නාවික හමුදාධිපතිතුමා විසින් පැලයක් රොපණය කිරීම ද එහිදී සිදු කරන ලදී.



















