මැරයිනස් භෝජනාගාරය නාවික හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරේ
නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්‍රිතව ඉදිකොට ඇති නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරී නිවාඩු නිකේතනට යාබදව, අභිනවයෙන් ඉදිකරන ලද මැරයිනස් භෝජනාගාරය අද (21) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් විවෘත කෙරිණි.
ආපනශාලා පහසුකම්, බිලියඩ් ක්‍රීඩා කිරීමේ පහසුකම මෙන්ම නවීන පන්නයේ භෝජනාගාර පහසුකම් අත්විදීමේ අවස්ථාව ද මෙමගින් උදාකර දී ඇත. පසුගිය වසරේ (2016) නොවැම්බර් මස 3 වන දින මෙම භෝජනාගාරයේ ඉදිකිරීම් ආරම්භ කළ අතර, ඉතා කෙටි කාල සීමාවක් තුළ උසස් අයුරින් මෙය සාදා නිම කිරීමට නාවික හමුදා සිවිල් ඉංජිනේරු, විදුලි හා විද්‍යුත් ඉංජිනේරු යන අංශයන්ගේ නිලධාරීන් සහ නාවිකයන් සමත් විය.
මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මිය, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන් ඇතුළු බටහිර නාවික විධානයට අනුයුක්ත නිලධාරීන් හා නාවිකයින් විශාල පිරිසක්ද එම අවස්ථාව සඳහා එක්විය.




























