අධික වටිනාකමින් යුත් රත් හදුන් කිලෝග්රෑම් 511 ක් සමඟ සැකකරුවෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (23) කල්පිටිය, ආනවාසල ප්රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවේ සිට මෙරටට ඩිංගි යාත්රාවක් මගින් ප්රවාහනය කරමින් තිබූ අධික වටිනාකමකින් යුත් රත් හදුන් කිලෝග්රෑම් 511 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම දැව තොගය සහ පුද්ගලයා සින්නපාඩු රේගු උප නිවාරණ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


