‘ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් - 2017’ ධාවන තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට
ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨය විසින් සංවිධානය කරන ලද ‘ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් 2017’ ධාවන තරඟාවලිය මෙවර දියතලාව නරියා කන්ද ධාවන පිටියේ දී පැවැත්වූ අතර, එහි ඉසව් කීපයක ජයග්‍රහණ අත්කර ගැනීමට නාවික හමුදා ක්‍රීඩකයින් සමත් විය.
ඒ අනුව, යතුරු පැදි අශ්ව බල 125 කාණ්ඩයේ ‘Standard’ අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට නාවික හමුදාවේ බල නාවික එම්එම් පෙරේරා සමත් විය. අශ්ව බල 250 කාණ්ඩයේ පළමු තරඟාවලියේ ‘Standard’ අංශයේ තෙවන ස්ථානය සහ එහි දෙවන තරඟාවලියේ තුන්වන ස්ථානය දිනා ගැනීමට සාමාන්‍ය නාවික ඩීඑම්ඩීජේඑස් සඳරුවන් හට හැකි විය.





