නීති විරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලූ ධීවරයින් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) නිලාවේලි පරවි දූපතට ආසන්න මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලූ ලාංකික ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී, ඩිංගි යාත්රාවක්, තහනම් දැල් 3 ක්, පොකිරිස්සන් කිලෝග්රෑම් 1 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා පා වරල් යුගල් 3 ක් සහ මුහුණු ආවරණ 3 ක්ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන්, ඩිංගි යාත්රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කුච්චවේලි පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.



