සීෂෙල්ස් තානාපතිතුමන් නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
ශ්‍රී ලංකාවේ සීචෙල්ස් තානාපති අතිගරු ඩේවිඩ් ක්ලෝඩ් පියර් මහතා අද (24) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. එහිදී, ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කතාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි




