පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
අධ්‍යයන චාරිකාවක් සඳහා මෙරටට පැමිණි පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කොමදෝරු ශාහීඩ් සොහෙල් රාඕ මහතා ඇතුළු නියෝජිතයින් පිරිස අද (25) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.
මෙම නියෝජිත පිරිසට පාකිස්තානු ආරක්ෂක අංශ නිලධාරීන් 17 දෙනෙකු ඇතුළත් වූ අතර, එහිදී ඔවුන් අන්‍යේන්‍ය වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත විය. ඉන් අනතුරුව රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ව්‍යුහය සම්බන්ධයෙන් එම නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා සවිස්තරාත්මක දේශණයක් ද ඉදිරිපත් කරන ලදී.
නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන්, ශ්‍රී ලංකාවේ පකිස්තාන් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් මුහම්මද් රාජිල් ඉර්ෂාද් ඛාන් මහතා ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ. එම විශේෂිත අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.





