අනවසරයෙන් ලොකු ළුෑණු බීජ පැකට් 942 ක් ප්රවාහනය කළ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට
නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ සිලාවතුර පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව අද (26) සිදු කළ සෝදිසි කිරීමකදී අනවසරයෙන් ලොකු ළුෑණු බීජ පැකට් 942 ක් (එක් පැකට්ටුවක බර ග්රෑම් 500) ප්රවාහනය කළ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම බීජ පැකට් තොගය සිලාවතුර, කොක්කුපඩයාන් ප්රදේශයේදී බොලෙරෝ වර්ගයේ ජීප් රථයකින් සහ වෑන් රථයක් මගින් ප්රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, එම බීජ පැකට් තොගය අනවසරයෙන් මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එන්නට ඇතැයි සැක කෙරේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින්, වාහන සහ බීජ පැකට් තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා සිලාවතුර පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.




