අනතුරට පත් කුඩා රුවල් යාත්‍රාවක් සහ එහි සිටි විදේශිකයෙකු බේරා ගැනීමට නාවික හමුදාවේ සහාය
හම්බන්තොට වරාය පාලන අධිකාරිය විසින් ලබා දුන් තොරතුරක් මත හම්බන්තොට නාවික අනුඛණ්ඩයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (25) හම්බන්තොට, කොහොලන්කාල ලේවාය ආශිත මුහුදු ප්‍රදේශයේදී අනතුරට පත් රුවල් යාත්‍රාවක් සහ එහි සිටි ප්‍රංශ ජාතික පුද්ගලයෙකු බේරා ගැනීමට සහාය ලබා දෙන ලදී.
එම කාර්යය සඳහා ඇතුලත වරාය මුර යාත්‍රා (IPC) 2 ක් සහ කිමිදුම් අංශයේ නාවිකයන් පිරිසක් සහභාගී විය. එම යාත්‍රාව ත්‍රිකුණාමලය වරායේ සිට ගාල්ල දක්වා යාත්‍රා කරමින් සිටින අතරතුර හම්බන්තොට ආශ්රිත මුහුදු සීමාවේදී අනතුරට පත් වී ගොඩබිම දෙසට ඇදී ගොස් ඇත. වන ජීවී නිලධාරීන් එක්ව යාත්‍රාවේ සිටි මාර්ක් ඇන්ඩෘ ෆ්රැන්කොයිස් නම් විදේශික පුද්ගලයා නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කරන ලදී.



