නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (26) වෙඩිතලතිව් මුහුදු ප්රදේශයේදී තහනම් දැල් යොදා ගනිමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් කුඩා යාත්රා (වල්ලම්) 3 ක්, තහනම් දැල් 5 ක් සහ අල්ලන ලද මසුන් කිලෝග්රෑම් 111 ක් පමණ ද අත්අඩංගුවට ගන්නා ලදී. එම පුද්ගලයන්, ධීවර ආම්පන්න සහ මසුන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාල වෙත භාර දීමට කටයුතු කරන ලදී.



