නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු මැද නාවික විධානයට අයත් වේග ප්රහාරක යාත්රාවකට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් විසින් අද (1) උදෑසන මන්නාරමට උතුරින් වූ මුහුදු ප්රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු සහ ඔවුන්ට අයත් කුඩා යාත්රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් ධීවරයින් සහ කුඩා යාත්රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, සහකාර ධීවර අධ්යක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතය.



