තුවාල ලැබු ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකාය මගින් සිදු කළ දැනුම් දීමකට අනුව බහුදින ධීවර යාත්‍රාවක සිටි තුවාල ලැබු ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අද (01) කටයුතු කරන ලදී.
පසුගිය 28 වන දින මිරිස්ස ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘රණසූර 5’ නමැති බහුදින යාත්‍රාවේ ගමන් ගත් ධීවරයෙකුගේ දකුණු ඇසට බිලි කොක්කක් වැදිම හේතුවෙන් මෙලෙස තුවාල ලබා ඇත. එම තොරතුරු ලද විගස දකුණු නාවික විධානයට අනුයුක්ත පී 432 වේග ප්‍රහාරක යාත්‍රාව රෝගියා රැගෙන ඒම සඳහා පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කර ඇත.
ඒ අනුව ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 62 ක පමණ දුරකදී එම රෝගියා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත නංවාගෙන නිරුපද්‍රිතව ගාල්ල වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඔහු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කරන ලදී.





