කේරළ ගංජා කිලෝග්රෑම් 200 ක් සමග පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් කල්පිටිය පොලිසීයේ සහය ඇතිව සිදු කරන ලද සෝදිසී කිරීමකදී ඇසුරුම් හතක බහාලන ලද කේරළ ගංජා කිලෝග්රෑම් 200 ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු අද (2) අත්අඩංගුවට ගන්නා ලදී. සැකපිට අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් සිව් දෙනාගෙන් සිදු කරන ලද ප්රශ්ණ කිරීම් වලට අනුව මෙම කේරළ ගංජා තොගය විල්පත්තුව කළුවරකුඩා ප්රදේශයේ සඟවා තිබියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.



