නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 7 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (2) පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 7 දෙනෙකු මන්නාරම සවුත්බාර් මුහුදු ප්‍රදේශයේදී, අත්අඩංගුවට ගන්නා ලදී.
එහිදී,ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රා දෙකක්, තහනම් දැල් 4 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා මුහුණු ආවරණ 6 ක්, පා වරල් යුගල් 6 ක් සහ මසුන් කිලෝග්‍රෑම් 2210 ක් ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම,සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.



