රියර් අද්මිරාල් වසන්ත ප්‍රනාන්දු නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
අධ්යක්ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් වසන්ත ප්‍රනාන්දු මහතා සිය 35 වසරක සේවය නිමා කරමින් අද (4) දින විශ්‍රාම යන ලදී. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා හට සිය ශුභාසිංශන එක් කළ අතර, ඉන් අනතුරුව සම්ප්‍රදායානුකූල නාවික හමුදා සම්මාන ආචාරයක් ද පුද කරන ලදී.
ඉන් අනතුරුව සම්ප්‍රදායානුකූල රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව දක්වා කැටුව යාමෙන් පසු, සහෘද නිලධාරින් සිය ජ්‍යෙෂ්ඨ නිලධාරීයා හට සමුදෙනු ලැබිණි. මාර්ගය දෙපස රැඳී සිටි ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින්ද එම නිලධාරියා හට සිය උත්තමාචාර පුද කරන ලදී.
1982 වසරේ දී කැඩෙට් නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් වසන්ත ප්‍රනාන්දු මහතා විවිධ නිලතල දරමින් සිය අභිමානවත් සේවා කාලය තුළ නාවික හමුදාවට විශිෂ්ඨ සේවයක් ඉටු කරන ලදී.














