පාකිස්තානු නාවික හමුදාවට අයත් ‘සුල්ෆිකර්’ නෞකාව කොළඹ වරායට සේන්දු වේ
සුහද සංචාරයක් සඳහා පැමිණි පාකිස්තානු නාවික හමුදාවට අයත් ‘සුල්ෆිකර්’ නෞකාව අද (4) කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
ඉන් අනතුරුව, සුල්ෆිකර් නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ෆයිසාල් ජාවිඩ් ෂෙයික් මහතා සහ ඊයේ (3) දින මෙරටට පැමිණි ‘දාෂ්ට්’ නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් මුනවාර් අබ්බාස් සක්ලේන් මහතා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. එහිදී ඔවුන්, ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් සුහද කතාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
මෙම නෞකාවේ නැව් මුළුව නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් රාශියකට සහභාගී වීමට නියමිතය. තවද, නාවික හමුදා ක්‍රීඩා කණ්ඩායම් සමග වැලිසර නාවික කඳවුරේ දී අත්පන්දු සහ පැසිපන්දු, තරඟ කිහිපයකට ද එහි නැව් මුළුව සහභාගී වනු ඇත. එම නෞකාව මැයි මස 7 වන දින ශ්‍රී ලංකාවෙන් බැහැර වීමට නියමිතය.





