ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන දෙවන අධි තාක්ෂණික නෞකාව දියත් කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේ ගෝවා නැව් තඨාකංගනයේ නිෂ්පාදනය කරමින් පවතින දෙවන අධි තාක්ෂණික නෞකාව නිළ වශයෙන් දියත් කිරීම පසු ගිය (2) වන දින සිදු කරන ලදී. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරධිත අමුත්තතා වශයෙන් ඉන්දියාවේ ආරක්ෂක ලේකම් - නිෂ්පාදන ශ්‍රී ඒකේ ගුප්තා මැතිතුමා සහභාගී වු අතර, එම නෞකාව චාරිත්‍රාණුකුලව දියත් කිරීම එම මහතාගේ භාර්යාව වන ප්‍රීති ගුප්තා මැතිණිය අතින් සිදු කෙරිණි.
මෙම නෞකාව දිගින් මීටර් 105.7 ක් වන අතර, පළලින් මීටර් 13.6 කින් යුක්ත වේ. ඊට අමතරව ටොන් 2350 ක ධාරිතාවයකින් සහ හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවිය හැකි හෙලිපථයකින් ද යුක්තය. මෙම නෞකාව නිලධාරීන් 18 දෙනෙකුට සහ නාවිකයින් 100 දෙනෙකුට රාජකාරී කිරීමට අවශ්‍ය පහසුකම් වලින් සමන්විත වේ. තවද, නාවික සැතපුම් 4,500 ක ප්‍රදේශයක් ආවරණය කිරීමේ හැකියාව ද මෙම නෞකාව සතුය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නාවික හමුදා නිලධාරීන් පිරිසක් ද මෙම සුවිශේෂි අවස්ථාව සඳහා සහභාගී වූහ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නාවික හමුදා නිලධාරීන් පිරිසක් ද මෙම සුවිශේෂි අවස්ථාව සඳහා සහභාගී වූහ.





