නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ත්රිකුණාමලය ඇතුළත වරාය ප්රදේශයේ නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙකු ඊයේ (4) දින අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී මුහුදු කූඩැල්ලන් 57 ක්, තෙප්පමක්, හබල් 3 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා මුහුණු ආවරණ දෙකක් සහ පාවරල් යුගල් දෙකක් ද අත්අඩංගුවට ගන්නා ලදි. අත්අඩංගුවට ගත් පුද්ගලයන් සිව්දෙනාත් භාණ්ඩත් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්රිකුණාමලය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


