කේරළ ගංජා කිලෝග්රෑම් 4 ක් සමග පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් තලංගම (උතුර) පොලිසීයේ සහය ඇතිව සිදු කරන ලද වැටලීම් දෙකකදී කේරළ ගංජා කිලෝග්රෑම් 4 ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු පසුගිය (4) අත්අඩංගුවට ගන්නා ලදී. එදින 1500 පැයට තලංගම (උතුර) ප්රදේශ සිදු කරන ලද වැටලීමකදී කේරළ ගංජා කිලෝග්රෑම් 2 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු ද, වැල්ලම්පිටිය ප්රදේශයේදී 1800 පැයට සිදු කරන ලද වැටලීමකදී කේරළ ගංජා කිලෝග්රෑම් 2 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයන්, කේරළ ගංජා තොගය සහ යතුරු පැදි ඉදිරි නීතිමය කටයුතු සඳහා තලංගම (උතුර) පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


