කේරළ ගංජා කිලෝග්රෑම් 21 සොයා ගැනේ
උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (6) උඩුත්තුරේයි ප්රදේශයේ සිදු කරන ලද උදෑසන පාමුර සංවාරයකදී කේරළ ගංජා කිලෝග්රෑම් 21ක ප්රමාණයක් සොයා ගෙන ඇත. මේ සම්බන්ධයෙන් සැකකටයුතු කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර, එම කේරළ ගංජා තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා මරදන්කේනි පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

