නීති විරෝධී ගංජා හේනක් වැටලීමට නාවික හමුදාවේ සහාය
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ ශාත්රවේලි පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් ඊයේ (6) සිදු කළ වැටලීමකදී ලාහුගල රක්ෂිතයේ අක්කරයක පමණ නීති විරෝධි ගංජා හේනක් සොයා ගන්නා ලදී. මෙම ගංජා හේන ලාහුගල රක්ෂිතයේ පිහිටි නීලගිරි විහාරයේ සිට කිලෝමීටර් 15 ක පමණ දුරින් පිහිටා තිබිණි.
එහිදී, හොදින් වැඩුනු ගංජා ශාක 5000 ක් පමණ ගිනිතබා විනාශ කිරීමට ගිණිකොන නාවික විධානයේ නාවිකයන් සහ විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් කටයුතු කරන ලදී. මෙහි ඉදිරි පරික්ෂණ කටයුතු පොතුවිල් පොලිසීය මගින් සිදු කරනු ලබයි.



