වැදගත් සිදුවීම්

තැලසීමියා හා ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයට මුල්ගල තැබීම සහ තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර බෙදාදීම සෞඛ්‍ය අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී
 

තැලසීමියා හා ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයක් සඳහා මුල්ගල තැබීම සහ තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර බෙදා දීමේ වැඩපිළිවෙලක් අද (8) සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය, ගරු වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.

09 May 2017

කේරළ ගංජා කිලෝග්‍රෑම් 1 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ කොම්පඤ්ඤවීදිය පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී අද (8) කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 1 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

08 May 2017

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (7) පේදුරු තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් කිමිදුම් ක්‍රම භාවිතා කරමින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ලාංකික පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

08 May 2017