නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (16) ත්රිකුණාමලය නෝර්වේ දුපතට ආසන්න මුහුදු ප්රදේශයේදී තහනම් දැල් යොදා ගනිමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු ලාංකික ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් කුඩා යාත්රාවක් සහ තහනම් දැලක් ද (මීටර් 300) අත්අඩංගුවට ගන්නා ලදී. එම පුද්ගලයන් සහ ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයතු සඳහා ත්රිකුණාමලය සහකාර ධීවර අධ්යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදි.


